Get Adobe Flash player

ගරු ආණ්ඩුකාරතුමා

ගරු පී. බී. දිසානායක මැතිතුමා

_________________

ගරු අමාත්‍යතුමා

ගරු කේ. එච්. නන්දසේන මැතිතුමා

_________________

ගරු ලේකම් තුමා

ජී. ඩී. කීර්ති ගමගේ මහතා

___________________

පළාත් ආයුර්වේද කොමසාරිස් තුමා

වෛද්‍ය එල්. යූ. සී. කුමාර අල්විස්

___________________

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එල්.යූ.සී. කුමාර අල්විස් මහතාගේ පණිවිඩය ....

   පුලතිසි සෘෂිවරයාගේ සමයේ සිට පැවති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලොව විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකේ. රජවරුන් වෛද්‍යවරුන් ලෙස ප්‍රතිකාර කරමින් රාජ්‍ය කළ බව ඉතිහාසයේ සනිටුහන්වන මහා පැරකුම්බා, බුද්ධදාස යන රජවරුන්ගේ සමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ස්වර්ණමය යුගයන් වේ.

පසුව ඇති වූ බටහිර ජාතීන්ගේ ආක්‍රමණයන්ගෙන් පසුව දේශීය ජනතාවගේ ආකල්ප හා දැනුම් සම්භාරයට සිදුකරන ලද මහත් විනාශය නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අවිද්‍යාත්මකයි” යන්න සමාජගත විය. ඒ අනුව අතීත ශ්‍රී ලාංකිකයෝ ක්‍රම ක්‍රමයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් බැහැර වෙමින් බටහිර වෛදය ක්‍රමය වෙත නැඹුරු වීමට පටන් ගත්හ. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ග්‍රාමීය ජනතාව තුල රුඳී පැවතුණි.

වර්ථමානය වන විට ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමයේ විද්‍යාත්මකභාවය තහවුරුවීම හා ස්වභාව ධර්මයා හා මනාව සබැඳි ඖෂධීය ප්‍රතිකාර වල අතුරු  ආබාධ අවම වීම යනාදී කරුණු නිසා ජනතාව යලි එම වෛද්‍ය ක්‍රමය වෙත නුඹුරු කරවීම අද යුගයේ අවශ්‍යතාවකි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන දේශීය  (ආයුර්වේද) වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර විධි පිළිබඳ තොරතුරු ජාත්‍යන්තරයටද තිළිණ කිරීමට විවිධ ක්‍රම ඔස්සේ කටයුතු කිරීමේදී, ඒ සඳහා රුකුලක් සපයන විද්‍යුත් ගවේශණ මාධ්‍යක් වන වෙබ් අඩවියක් උතුරු මැද පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිර්මාණය කිරීම ඉතාමත් ප්‍රශංසනීය කර්තව්‍යකි.

උතුරු මැද පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන හා සංස්කෘතික ඒකකයේ වෛද්‍ය මනුක ජයරත්න මහතා ප්‍රමුඛ කාණ්ඩායම විසින් සිදු කරන ලද මෙම වැදගත් කාර්යය මම ඉතාමත් අගය කරමි.

 උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

දැක්ම 

සොබාදහමට අනුකූල වූ නීරෝගිමත් ජනතාවක්, සමෘද්ධිමත් පළාතක් 

මෙහෙවර 

                   “ආයුර්වේද දර්ශනය අර්ථවත් ලෙස උපයෝගි කරගනිමින් රෝග නිවාරණය , ප්‍රතිකාරය හා  

පර්යේෂණ සේවා වැඩිදියුණු කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රමය හා ඖෂධීය ශාක වගාව සංරක්ෂණය,

 ප්‍රවර්ධනය සහ ඖෂධ නිෂ්පාදනය ඉහල නැංවීම විනිවිදභාවයෙන් හා ආයුර්වේද සේවාවේ හා 

අනෙකුත් පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවීම.

දෙපාර්තමේන්තුව පිළිබඳ කෙටි හැඳින්වීමක් :

උතුරු මැද පළාත තුල දශක දෙකකට අධික දීර්ග ඉතිහාසයක් සහිතව විවිධ බාදක අභියෝග මධ්‍යයේ ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය කරා පියමැනීමට අප දෙපර්තමේන්තුව මේ වන විටත් සමත්ව ඇත. පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ උතුරු මැද පලාත තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් 4 කින් ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් 4 කින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම බෙහෙත් ශාලා 23 කින් ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යම බෙහෙත් ශාලා 11 කින් ද, පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන සංචාරක බංගලාවකින්ද, පළාත් ඖෂධ නිෂ්පාදනාගාරයකින්ද, ඔසු උයන් රාශියකින්ද  සැදුම් ලත් ඉතා ශක්තිමත් ආයුර්වේද සේවාවාක් මහජනතාවට සැපයීමට මේ වන විටත් අප සමත්ව ඇත

එමෙන්ම උතුරු මැද පලාතේ කිසිදු රජයේ රෝහලක ක්‍රියාත්මක නොවන ඉතා පරිපූර්ණ පහසුකම් වලින් සමන්විත ගෙවන කාමර සංකීර්ණයක් අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමද අපගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.

මෙම සියළු ආයතනයන්, එම ආයතන වලින් සපයනු ලබන සේවාවන් හා එම ආයතන වල සේවය කරනු ලබන සියළුම රාජ්‍ය සේවකයන් පලාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වේ.

තවද මේ වන විට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල පිහිටි ප්‍රධානම ඒකක දෙකකි. එනම් ආයතනික ඒකකය හා අධ්‍යාපන හා සංස්කෘතික ඒකකය වේ. ආයතනික ඒකකය යටතේ උතුරු මැද පළාත තුල සියළුම පරිපාලනමය කටයුතු සිදුවේ.  අධ්‍යාපන හා සංස්කෘතික ඒකකය යටතේ ක්‍රියාත්මක වන අංශ 3කි. එනම් ,

1.       තාක්ෂණික, සංවර්ධන හා සංඛ්‍යාලේඛන තොරතුරු අංශය

2.       ප්‍රජා සෞඛ්‍ය අංශය

3.       ආයුර්වේද සංරක්ෂණ, පුහුණු, අධීක්ෂණ හා ප්‍රචාරක අංශය

යන අංශ දැක්විය හැක. මින් තාක්ෂණික, සංවර්ධන හා සංඛ්‍යාලේඛන තොරතුරු අංශයේ ප්‍රධාන කාර්යය භාර්යයන් රාශියකි.

  • උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතනයන් නවීන තාක්ෂණික උපකරණ වලින් සංවර්ධනය කිරීම හා තාක්ෂණික දැනුම ලබා දීම.
  • පළාත් ආයුර්වේද වෙබ් අඩවිය පවත්වාගෙන යාම.
  • භාණ්ඩ හා සේවාවන් සපයාගැනීමේදී තාක්ෂණික වාර්ථාවන් සැපයීම
  • පළාත තුල සිදුවන සියළුම සංවර්ධන කටයුතු වලදී සෘජු අධීක්ෂණය
  • මාසික, ත්‍රෛයිමාසික, අර්ධ වාර්ෂික හා වාර්ෂික සංඛ්‍යාලේඛන තොරතුරු එක්රැස් කිරීම හා වෙනත් ආයතන වෙත නිකුත් කිරීම.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික උපකරණ විධිමත් කලමණාකරණය. 


 ප්‍රජා සෞඛ්‍ය අංශයේ ප්‍රධාන කාර්යය භාර්යයන් රාශියකි. එනම්, 

  •  ආයුර්වේද ආදර්ශ ගම්මාන පිහිටුවා පවත්වාගෙන යාම
  •   “ ඔසු ගොවි දිරි දිවිය වැඩසටහන ක්‍රියාත්මක කිරිම.
  •  පාසැල් සෞඛ්‍ය දාන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  •  ආයුර්වේද  ප්‍රවර්ධන සමාජ  පිහිටුවා ක්‍රියාත්මක කිරිම.
  • පාරම්පරික වෛද්‍යවරු සංරක්ෂණය හා බලගැන්විම.
  • පෙර පාසැල් ළමා පෝෂණ වැඩසටහන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ  වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම
  •  ජංගම සායන සහ ප්‍රජා සත්කාර සේවා සංවිධානය
  •  ඔසු උයන් පිහිටුවීම හා පවත්වාගෙන යාම
  •  ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය


ආයුර්වේද සංරක්ෂණ, පුහුණු, අධීක්ෂණ හා ප්‍රචාරක අංශය මගින්ද කාර්යය භාර්යයන් රාශියක් ඉටුවේ. එනම්,
  • පාරම්පරික වෛද්‍යවරුන්ගේ තොරතුරු එක්රැස්කිරීම, තොරතුරු යාවත්කාලීන කිරීම හා අත්පොත් සැකසීම.
  • පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල විවිධ කාර්යය මණ්ඩලයන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය
  • රෝහල් , මධ්‍යම බෙහෙත් ශාලා හා අනිකුත් ආයතන අධීක්ෂණය
  • දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ පුවත් පත පවත්වාගෙන යාම.

    යනාදිය සංක්ෂිප්තයක් ලෙස දැක්විය හැක.

ආයුර්වේද සංචාරක නිවාසය

                 ආයුර්වේද සංචාරක නිවාසය පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට යාබදව පිහිටි සියළු පහසුකම් වලින් සමන්විත කාමර 10කින් යුත් ඉතා සුන්දර නිදහස් පරිසරයක් සහිත භූමියක පිහිටා ඇත. එක් කාමරයක් තුල එක් යුගල ඇඳක් හා අනෙකුත් අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ වලින් සමන්විත වන අතර තමාගේ අවශ්‍යතාවයට අනුව ආහාර පාන පිළියෙල කර ගැනීම සඳහා ද පහසුකම් සපයා ඇත.
             මෙම සංචාරක නිවාසයේ කාමර වෙන්කර ගැනීම සඳහා 025-2225397 හා 025-2225398 යන දුරකථන අංක වලට අමතා තම අභිමත දින හෝ දිනයක් වෙන්කර ගැනීම සිදුකල හැක.

ගෙවන කාමර සංකීර්ණය

          අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ ඉහල මහලයේ මෙම ගෙවන කාමර සංකීර්ණය පිහිටා ඇති අතර තම නිවසේ සිටම ප්‍රතිකාර ලබන ආකාරයට සියළු සනීපාරක්ෂක පහසුකම් වලින් යුත් ස්වාධීන කාමර 8 කින් සමන්විත වේ.

      මේ සඳහා ඇතුලත් වන රෝගියෙකු පළාත් ආයුර්වේද රෝහලට පැමිණ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ (OPD) තුන්ඩු නිකුත් කරන ස්ථානයෙන් විමසිය යුතුයි. මෙහිදී රෝගියා සමග එක් භාරකරුවෙකුට නැවතී ප්‍රතිකාර ගැනීමට දෛනිකව මුදලක් අයකිරීම සිදුකරනු ලබයි. රෝගියාට පමණක් ආහාර සැපයීම සිදුකරන අතර භාරකරුටද ආහාර අවශ්‍යනම් දෛනිකව අමතර මුදලක් ගෙවිය යුතුය. කෙසේ වුවද මෙහිදී සෑම රෝගියෙකුම මුල් අවස්ථාවේදීම අවම වශයෙන් දින 3කට වරක් මුදල් ගෙවීම සිදු කල යුතුය.

       මෙම ගෙවන කාමර සංකීර්ණය ස්ත්‍රී හා පුරුෂ ලෙස වෙන් කිරීමක් සිදුකර නොමැති අතර රෝගියාට තම පවුලේ ඕනෑම සාමාජිකයෙකු භාරකරු ලෙස නවතාගත හැක. එමෙන්ම මෙම රෝගීන් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව ප්‍රතිකාර කරනු ලැබේ.

      මෙම ගෙවන කාමර සංකීර්ණය පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍යනම් 025-2225397 හා 025-2225398 යන දුරකථන අංක වලට අමතා ලබාගත හැක.

                                          
                                                                  දැන්වීම්
______________________________________________________________________________________

  • සමාජ ආචාර ධර්ම හා මානසික සංවර්ධන පුහුණු වැඩසටහන - 2015/12/31 - සියළුම වෛද්‍ය නිළධාරීන් සඳහා

________________________________________________________________________________________________________________________
                                                       

ගරු ප්‍රධාන අමාත්‍යතුමා

ගරු එස්.එම්. පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමා

___________________

ගරු ප්‍රධාන ලේකම්තුමා


ගරු කේ. ඒ. තිලකරත්න   මැතිතුමා

     _____________________


අපගේ සමාජ ජාල වෙබ් අඩවි ..........

    Facebook

    Twitter

     Youtube

    

සජීවීකරණ හා වීඩියෝ දර්ශන .....



වැදගත් සබැඳි ..............